ගුරු හා සිසුන්ගේ ඇදුම වෙනස් කරන්නේ නෑ- අධ්‍යාපන ඇමති

අධ්‍යාපන අමාත්‍යංශය කිසිම ආකාරයකින් ගුරිවරියන්ගේ ඇඳුම හෝ සිසුන්ගේ නිල ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අවධාරණය කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය, ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ කණ්ඩායම් තමාගෙන් ඉල්ලීම් සිදු කළ බව ද අමාත්‍යවරයා පැවසීය.