දුම්රිය රියදුරන් රාජකාරිවලින් ඉවත් වන ලකුණු November 15, 2022 දුම්රිය එංජින් රියදුරන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වන බවට අනතුරු අඟවා තිබෙනවා. ඒ ඔවුන්ගේ නවාතැන් ගැටලුවක් හේතුවෙනුයි. මිට විසදුම දුන්නේ නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ පවසනවා.