කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කරන ලද පශ්චාත් අයවැය දෙදාස් විසි තුන සම්මන්ත්‍රණයට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ ලෙස අදහස් පළකර තිබෙනවා. මෙම අර්බුදයට මුහුණ දීමට ප්‍රධාන හේතුව, ප්‍රතිපත්ති කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් කටයුතු කිරීම බවයි එහිදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ. ප්‍රතිපත්ති මත සිට පමණක් කටයුතු කරමින් එහි ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙවැනි අර්බුදයකට මුහුණ දීමට හේතු වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.
මේ අතර කොළඹ ලයිනල් වුවෙන්ට් කලාගාරයේ පැවති ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච් එස් සරත් මහතාගේ පනස් වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා.
මෙම ප්‍රදර්ශනය නරඹමින් සිටින අතරතුර පාසල් දැරියන් දෙදෙනෙකු විසින් මෙරට අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සම්පාදනය කරන ලද සැලැස්මක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.



