අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලම්පිටිය ලංසේ වත්ත ප්‍රදේශයේදී. සැකකරුගේ නිවස තුළ සිදුකළ සෝදිසි කිරීමකදී තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



