2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සදහන් කළේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබද විමසා සිටි අවස්ථාවේදී ය.



