පළමු ශ්‍රේණියේ උගන්වන ගුරුවරුන්ට ඉංග්‍රීසි භෂා පුහුණුව ලබාදීමට පියවර

Share

ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමේ දී ඇතිවන ගැටළු වලක්වාගැනීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවත් මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රාථමික පළමු ශ්‍රේණියේ උගන්වන ගුරුවරු 13,000කට ගුරු මධ්‍යස්ථාන හා පළාත් මට්ටමින් ඉංග්‍රීසි භෂාව පුහුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ඉංග්‍රීසි අධ්‍යාපනය හා නීතිවිද්‍යාල විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීමට යෑම පිළිබඳ විපක්ෂය යොමු කළ ප්‍රශ්න කීපයකට ප්‍රතිචාර දක්වමිනි.

Read more

Local News