ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් අත්අඩංගුවට

Share

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි. මෙම ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු හා තවත් උප සැකකරුවෙකු පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් කටුනායක ගුවන්තොටුපලේදී. එදිනම පස්වරුවේ මෙම ජාවාරමේ උප නියෝජිතයා අත්අඩංගුවට ගත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී.

ඕමානයට ගෘහ සේවය සඳහා කාන්තාවන් යොදවන බව පවසමින් එම කාන්තාවන් විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවට මේ වන විට තොරතුරු රැසක් ලැබී තිබෙනවා. ශ් රී ලාංකීය කතුන් රැසක් මේ වන විටත් ගණිකා ව්‍යාපාරය සඳහා යොදවා තිබෙනවා.

මෙම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක අතර අදාළ ජාවාරම සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News