ජාතික හැඳුනුම්පත් අයදුම්කරුවන්ට නව චක්‍රලේඛයක්

Share

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයස අවුරුදු පහළොව පසුවන පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් හඳුන්වා දී තිබෙනවා.

රටේ පවතින නීතියට අනුව පුද්ගලයෙකු වයස අවුරුදු පහළවට එළඹීමත් සමඟ ජාතික හැඳුනුම්පත ලබාගත යුතුයි. එසේ හැඳුනුම්පත ලබා ගන්නේ නැත්නම් එය දඩයකට යටත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී වියානි ගුණතිලක පවසන්නේ.

එම චක්‍රලේඛයට අනුව රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා. මෙම දඩ මුදල සංශෝධනය කර සමථයට පත් කිරීමට කොමසාරිස් ජෙනරාල්වරයාට බලය තිබෙන බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සෑම වසරකම අපොස සාමාන්‍ය පෙළ පවත්වන පාසැල්වලට ජාතික හැඳුනුම්පත් අයදුම් කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරනු ලබනවා.

කෙසේ වෙතත් පාසල් අයදුම්පත් සියයට පනහක්වත් දෙපාර්තමේන්තුව ලැබෙන්නේ නැති බවයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ. නව අයදුම්කරුවන් පාසල් විෂය භාර ගුරුවරුන්, විදුහල්පතිවරුන්, හැඳුනුම්පත් ඉල්ලුම් කරන ක්‍රියාවට පෙළඹවීම සඳහා නව චක්‍රලේඛය නිකුත් කළ බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී වීයානි ගුණතිලක පැවසුවේ.

Read more

Local News