අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Share

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත අතර අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

Read more

Local News