ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

Share

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.

මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී ඇත.

රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි.

Read more

Local News