විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් ගාස්තු වැඩිවෙයි

Share

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Read more

Local News