ඇති හැකි අය තමන්ට හැකි පමණින් උදව් කරමු

Share

රටේ දැන් පවතින ආර්ථික අර්බුදයත් එක්ක ජීවත් වෙනවා කියන්නෙම ලොකු අභියෝගයක්. පුංචි එවුන්ගේ බඩ කට පුරවන්න ගෙදර අම්මට, තාත්තට ලොකු වෑයමක් දරන්න වෙලා.

ඊයේ යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකිනුත් හෙළි වුණේ අපේ රටේ දරුවන් පනස් හය දහසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලයි.

ඇත්තටම මේ අමාරු වෙලාවේ පුංචි ළමුන්ගේ ගැන හිතලා, පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න, විවිධ සංවිධාන දානපතියන් මේ දිනවල කටයුතු කරනවා.

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වන, බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශයේ, ඉහළ මොළඑලිපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට ආහාර වේලක් සහ පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදෙන්න, බිංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉදිරිපත් වෙලා තිබුණා.

Read more

Local News