මේ දිනවල ව්‍යාප්තවන වෛරස රෝගවලින් ආරක්ෂා වීමට යළිත් මුව ආවරණ පළදින්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Share

මෙම දිනවල සමාජය තුළ යළිත් වෛරස රෝගී තත්ත්වයන් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත. මෙම රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට මුව ආවරණ භාවිත කරන ලෙස කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රෝගී පුද්ගලයින්ගේ කෙළ බිදිති අන් අයගේ ශ්වසන පද්ධතියට ඇතුළු වීම වැළැක්වීම සදහා මුව ආවරණ පැළදීය යුතුය. වෛරස රෝග සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස ආදී සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් කිවිසුම් යැවීමේදී මුඛ්‍ය, නාසය ආවරණය කරගැනීම හා මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පවසනවා.

ප්‍රතිශක්තිය අවම රෝගීන්, බෝ නොවන රෝගී තත්ත්වයන් ඇති රෝගීන් සහ කුඩා දරුවන් මෙම රෝගී තත්ත්වවලට ගොදුරු වීමෙන් වැඩි සංකූලතා පෙන්නුම් කලහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. කොවිඩ් වෛරස සමයේ මෙන් යළිත් නිවරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

Read more

Local News