බොන්න වතුර ටික හොයන් යන සිංහරාජ මායිමේ දරුවන්

Share

අපේ රටේ පාසල් පද්ධතියම දැන් අවධානමකයි තියෙන්නේ. එක පැත්තකින් අපේ රටේ දරුවන් පනස් හය දහසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා.

එහෙම කියන්නේ යුනිසෙෆ් සංවිධානය. ඉගෙන ගන්න දරුවාට හොඳ පෝෂණයක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය අර්බුදයත් එක්ක පාසල් දරුවාගේ පෑන පැන්සල ඉඳලා හැම දෙයක්ම සීයට තුන්සීයකින් විතර ඉහළ ගිහින්.

රටක අනාගතය දරුවන්. දරුවන්ට හොඳම දේ කිව්වට දැන් එහෙම වෙනවද කියලා දෙපාරක් හිතන්න වෙලා. සමහර උදවියට පාසල් ගුරුවරියගේ සාරිය ගැටලුවක්.

නමුත් අපේ රටේ දුෂ්කර පළාත්වල පාසල් තියෙනවා. බොන්න වතුර ටිකවත් නැති. මේවා කාගේ කාගෙත් අවධානය යොමුවිය යුතු ප්‍රශ්න.

කලවාන දෙල්ගොඩ විද්‍යාලයේ සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රදේශයේ පාසලක්. දරුවෝ අකුරු කරන්න පාසලට ආවත් මේ පාසලේ බොන්න වතුර ටික නැති බවයි අපිට වාර්තා වුණේ.

ටින් බෙලෙක්ක බාල්දිය අරන් මේ දරුවෝ අසල වනරොදක් තුළ තිබෙන අනාරක්ෂිත ළිඳකට යනවා වතුර ටික ගේන්න.

බීමට මෙන්ම වැසිකිළි පහසුකම් සඳහාවත් මේ පාසලේ දරුවන්ට වතුර ටික නැහැ. මේ දරුවෝ කියන්නේ ලොකු පාසල්වල ලොකු ලොකු පහසුකම් එපා. බොන්න වතුර ටික දෙන්න කියලයි.

Read more

Local News