ඉහළ අවදානම් මුදල් ඒකක අතරට රුපියලත්

Share

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනතුරු අඟවා තිබෙනවා.

එරට ප්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසින් එම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අමතරව, ඊජීප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්ථානය සහ හංගේරියාව යන රටවල මුදල් ඒකක ද ඉහළම අවදනාමක් ඇති මුදල් ඒකක ලෙස අදාළ සමාගම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read more

Local News