වව්නියාවේ තවත් දරුණු බස් රථ අනතුරක් November 24, 2022 වව්නියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පස්දෙනෙකු වව්නියාව රෝහලට ඇතුලත් කළ බවයි වාර්තා වන්නේ. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසනවා.