ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට ජනපති එක්වෙයි

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ.

මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී හිමි විසින් හොබවා තිබුණි.

එම ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Previous articleභාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කෙරේ
Next articleශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින සටන අද