නිදහස් කරගැනීමට නොහැකි වූ කිරිපිටි කිලෝ ලක්ෂ හතරක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසනවා.
මෙම කිරිපිටි තොගය අතර ළදරු කිරිපිටි කිලෝ ලක්ෂයක් පමණ ඇති බව ඔහු ප්‍රකාශ කළා.
අදාළ ළදරු කිරිපිටි තොගය කල් ඉකුත් වී ඇති බැවින් ඒවා කුකුල් කෑම සඳහා ලබාදීමට සූදානම් බවටයි ඔහු චෝදනා කරන්නේ.



