ඕමාන තානාපති කාර්යාලයේ 03 වන නිලධාරියා ලබන සතියේ දිවයිනට

Share

ගෘහ සේවිකාවන්ගෙන් චෝදනා එල්ල වන ඕමාන තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරී ඒ කුෂාන් ලබන සතියේ මෙරටට පැමිණෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ සෞඛ්‍ය හේතූන් මත ඔහුගේ පැමිණීම ප්‍රමාද වී ඇති බවයි.

ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල රඳවා සිටින කාන්තාවන් දිවයිනට රැගෙන ඒම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඩුබායිහි පිහිටි සුරක්ෂා නිවාසවල කාන්තාවන් හැත්තෑවකට ආසන්න පිරිසක් රඳවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්දෙනෙක්. චෝදනා එල්ල වන තානාපති කාර්යාල නිලධාරියා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ.

Read more

Local News