දිවයින පුරා බන්ධනාගාරවල උපරිම වශයෙන් රැඳවියන් 13200ක් රැඳවීමේ හැකියාවක් පවතිනවා.
නමුත් මේ වන විට බන්ධනාගාර තුළ රැඳවියන් 26000ක් සිටින බව බන්ධනාගාර මූලස්ථානය පෙන්වා දෙනවා.
මෙය බන්ධනාගාරය තුළ උපරිම ධාරිතාවය මෙන් දෙගුණයක්.
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ බන්ධනාගාර ගත රැඳවියන් අතරින් සීයට හැට පහකට අධික සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගත කර ඇති බවයි.
දෙදහස් විසිදෙක වර්ෂයේ නොවැම්බර් මස විසිපස් වනදා දක්වා රට පුරාම බන්ධනාගාර තුළ රැඳවියන් විසිහය දහසක් රඳවා ඇති අතර ඉන් දහතුන්දහස් තුන්සීයක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා එල්ල වූවන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.



