රේගුවේ සිරවී තිබෙන කිරිපිටි ගැන මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි

Share

රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරාය තුළ තිබෙන ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ හතරක පමණ ප්‍රමාණය නිදහස් නොකිරීම සම්බන්ධයෙන් තමා විමසීමක් කළ බවත්, මේ සම්බන්ධයෙන් නොවැම්බර් 28 දින වන විට විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කළ බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ආනයනික කිරි පිටි කිලෝ ග්රෑම් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් තවමත් වරාය තුළ තිබීම සම්බන්ධයෙන් වන පුවත පිළිබඳ මාධ්‍යයට පිළිතුරු දෙමින් ඉකුත් 27 දා අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් යන දෙපාර්තමේන්තුවලින් තමන් විමසීමක් කළ බවත්, එම ආයතන කටයුතු කර ඇත්තේ පවත්නා වත්මන් නීතියට බව ඔවුන් දැන්වූ බවත්, අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් හොඳින්ම විමර්ශනයක යෙදී නීතියට අනුව එම දෙපාර්තමේන්තු කටයුතු කළද මෙවැනි අතපසුවීමක් සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය

Read more

Local News