පැය 12ක ජල කප්පාදුවක්

Share

කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News