ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්

Share

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුණහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

” මම අවධානය යොමු කළේ, විශ්ව විද්‍යාලවල සිටින භික්ෂූන් වහන්සේ ගැන. ඇතැම් භික්ෂූන් වහන්සේ නමක් මම දැක්කා මල්වතු මහනායක හිමියන්ට බනිනවා. අද පැවිද්දන් වශයෙන් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට ඇතුළ් වෙනවා. නමුත් ඔවුන් පිටවෙන්නේ ගිහියන් හැටියට.උපාධියත් පැවැදිකමින් ලබාදෙන්නම්.ආපසු මාරු කරන්නේනෑ. එය කතා කරගන්න් ඕන තමන්ගේ මහනායක ස්වාමින් වහන්සේලා සමගයි. විශ්වවිද්‍යාලවල හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළ යුතුයි. ඒ වැඩ කටයුත්ත භාර දෙන්නම්. මේ ක්‍රමවෙදය ගියොත් ශාසනය නැතිවෙන්නේ ”

Read more

Local News