රාජ්‍ය නිළධාරීන් පිළිබඳ පැමිණිලි විභාග කිරීමට විශේෂ ඒකකයක්

Share

යම්කිසි අමාත්‍යංශයක හෝ අමාත්‍ය කාර්යය මණ්ඩලයක නිළධාරියෙකු හෝ අමාත්‍යංශ නිළධාරීන් හෝ සම්බන්ධව කිසියම් වංචාවක්, දුෂණයක්, අක්‍රමිකතාවයක් සිදු කර ඇත්නම්, ඒ සම්බන්ධව දන්නා හෝ දැන සිටින කුමන හෝ තොරතුරක් ඇත්නම්, ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කරයි.

අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News