අයවැයෙන් ත්‍රිපෝෂ වැඩසටහනට රුපියල් මිලියන 12,000 ක මුදලක්

Share

මෙවර අයවැයෙන් ත්‍රිපෝෂ වැඩසටහනට රුපියල් මිලියන 12,000 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී අද (29) ප්‍රකාශ කළේය.

පසුගිය අයවැයේ දී මේ වැඩසටහනට වෙන් කළේ රුපියල් මිලියන 2000 ක මුදලක් වුවත් එය මිලියන 10000 කින් වැඩි කර මෙවර වෙන් කර ඇති බවත් මන්දපෝෂණ ගැටලුවට මෙමඟින් විසඳුම් ලබාදිය හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News