ළමුන් අතර උණ රෝගය පැතිර යයි

Share

මේ දිනවල කුඩා ළමුන් අතර පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ලෙස උණ සමග කැස්ස, හෙම්බිරිස්සාව සහ සමහර පුද්ගලයින්ට වමනය ඇතිවිය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇති පිරිස් හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

හදිසි අවස්ථාවකදී නිවසින් බැහැරට යනවා නම් මුව ආවරණයක් පළඳින ලෙසත් එමඟින් අනෙකුත් පුද්ගලයින්ට එය බෝවීම පාලනය කර ගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News