ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජො ෆස්වා (28) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මෙහිදී අයවැය කාලසීමාව සහ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබද මෙන්ම දෙරට අතර පවත්නා පාර්ලිමේන්තු ක්‍රමවේදයන් සහ දේශපාලන ව්‍යුහය ආදිය පිළිබඳවද දෙපාර්ශවය සුහද සාකච්ඡාවක නිරත විය.
2023 වර්ෂයේදී ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා සදහා 75 වසරක් සැපිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ද නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මෙහිදී කථානායකවරයාට පැවසීය.



