ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීමට යෝජනා

Share

ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රජයේ හා පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීම පිළිබඳව කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටි අතර සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ඊට පවතින බාධා පිළිබඳ මූලික කරුණු කාරණා මෙහිදී සාකච්ඡා කෙරිණි.

Read more

Local News