මහනුවර අම්පිටිය ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුගේ ශරීරයට ගිනි තබා පිළිස්සුම් තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ බව පැවසෙන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධියට මුහුණ දුන් දරුවා ඥාති නිවසකට ගොස් නැවත තම නිවස බලා එමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබුණේ. ඒ පසුගිය විසි හය වෙනිදා. සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණා.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් පවසා සිටියේ.




