වී මෝල් හිමියන්ට රජයෙන් දැනුම්දීමක්

Share

තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජය යළි අවධානය යොමුකර ඇත.

ඒ අනුව වැඩසටහන යළි ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනටමත් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් පරිදි සිදුකිරීමේ අරමුණින් නව මෝල්හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ පිළිබඳව ඉදිරියේදී පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් අදාළ ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News