වෛරස් රෝග වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 70 දෙනෙකු පමණ රෝහල් ගතවනවා – සෞඛ්‍ය අංශ

Share

මේ වන විට රට තුළ වෛරස් රෝග සිඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දිනකට පමණක් කුඩා ළමුන් හැටත්, හැත්තෑවත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. රට තුළ ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, කොවිඩ් වැනි වෛරස් රෝග දෙසීයකට අධික සංඛ්‍යාවක් පැතිර යමින් තිබෙනවා. ඉන් ආරක්ෂා වීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මෙලෙස අදහස් දැක්වූවා.


”දරුවන්ගේ ඒ රෝග තත්ත්ව ඇති කරන වෛරස් වර්ග දෙසීයක් පමණ තිබෙනවා. විවිධ ප්‍රභේද. එම නිසා සියලු දේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අපේ මේ ශ්වසන ආචාර ශිල්ප පවත්වා ගැනීම, කිවිසුමක් යනවා නම් වැලමිට ප්‍රදේශය භාවිතා කරලා, කිවිසුම් යැවීම, එය පරිසරයට නිරාවරණය වීම වැලැක්වීම සහ අපගේ ක්‍රියාකාරකම් නිතර නිතර නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකීම සහ දෑත් පිරිසිදුව පවත්වා ගැනීම සහ හැකි සෑම විටම අනවශ්‍ය ලෙස මේ පුද්ගලයන්ට යොමු වීම වැලැක්වීම වැදගත්”


වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ සෑම විමට මුඛ ආවරණ භාවිත කිරීම තුළින් කොවිඩ් 19 මෙන්ම වෙනත් රෝග තත්ත්ව නිරන්තරයෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයන්ද වළක්වා ගත හැකි බවයි.
එසේම හැකි හැම විටම උණ රෝග තත්ත්වය, සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වය තිබෙන දරුවන් පරිසරයට යොමු වීම සහ තව දරුවෙක්ට එම දරුවා මාර්ගයෙන් රෝගය බෝ වීම වළක්වා ගැනීමට කටයුතු කිරීමත් ඉතාම වැදගත් බව වෛද්‍යවරයා පවසනවා.

Read more

Local News