ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (04) දිනයේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous articleවෛරස් රෝග වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 70 දෙනෙකු පමණ රෝහල් ගතවනවා – සෞඛ්‍ය අංශ
Next articleඅද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්