යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 283 යි

Share

යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින දෙසිය අසූ තුනයි.

යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා යුක්‍රේන හමුදා භටයින් දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේ ම මේ වන විට යුක්‍රේනය පුරා විදුලිය සහ ජල සැපයුම අඩාල වී තිබෙනවා.

එම නිසා යුක්‍රේනුවන් මෙම ශීත කාලය තුළ දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

එසේ ම ඉදිරි සති කිහිපය තුළ යුක්‍රේන සරණාගතයින් පැමිණීම ඉහළ යා හැකි බවයි එක්සත් රාජධානිය, ජර්මානු තානාපතිවරයා පවසන්නේ.

මේ අතර යුක්‍රේනයේ විදුලි ඇනහිටීම මැද ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

Read more

Local News