ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ – කෘෂි ඇමති

ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වසර 10කට පසුව වැඩිම යල කන්නයේ වගාව පසුගිය යල කන්නයේ ලබා ගත් බවද හෙතෙම සඳහන් කළේය.

කාබනික වගාව කෙරෙහි යොමු වන ගොවීන්ට රුපියල් 20,000 ක මූල්‍ය සහනාධාරයක් ලබාදීම සිදු කරන බවත් එය නැවත ගොවියාගෙන් අය කර ගැනීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.