සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව විශිෂ්ටතම කාන්තාවන් සිය දෙනා අතරට

Share

බීබීසී ජාත්‍යන්තර පුවත් සේවය මගින් දෙදහස් විසි දෙක වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ විශිෂ්ටතම කාන්තාවන් සිය දෙනෙකු නම් කර තිබෙනවා.

ඒ අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත්. ඇය මෙරට අතුරුදන් වූ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳයි.

සිය සැමියාගේ අතුරුදන් වීම හමුවේ ඊට වගකිව යුතු පිරිස් නීතිය හමුවට ගෙන ඒම සඳහා වසර දොළහකට ආසන්න කාලයක් තිස්සේ ඇය කටයුතු කරමින් සිටිනවා.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන සන්ධ්‍යා එක්නැලිගොඩ, මෙරට සිවිල් යුද්ධයේදී සිය ආදරණීයන් අහිමි වූ කාන්තාවන්ට උදව් උපකාර කරන්නියක් ලෙසයි බී. බී. සී. පුවත් සේවය හඳුන්වා දී ඇත්තේ.

Read more

Local News