ප්‍රදේශ රැසකට තද සුළං

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Previous articleමැන්ඩවුස් සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 230ක් දුරින්
Next articleකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්