එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන පවසනවා.
එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
ඒ අනුව 14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, එම විභාගයට අදාළ සියලු සම්මන්ත්රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් වන බවයි සඳහන් වන්නේ.



