තැපෑල තවදුරටත් වර්ජනයේ

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තිය සමිති ඊයේ පස්වරුවේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. එම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මකයි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැපැල් කාර්යා වසා තිබෙනු දක්නට ලැබුණා.

මේ අතර තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තැපැල් සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ දිගටම වර්ජනයේ නිරත වන බවයි.

Read more

Local News