වැටුප් හා විශ්‍රාම වැටුප් සදහා දරණ බර අති විශාල නිසා ආර්ථිකයේ වියදම් දැරීමට නොහැකි තත්ත්වයක් පැන නැඟී තිබෙන හෙයින් 2023 වසරේ දී කිසිඳු වැටුප් වැඩි වීමක් කරන්න හෝ අතිකාල දීමනා ගෙවීමට මුදල් වෙන් නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත්, රට තුළ ආර්ථික අර්බුදයක් පවතින තත්ත්වයක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් හදිසියේ කරන ලද ඉල්ලීම් 06 ක් පිළිබඳව සොයා බැලීමේ දී ඔවුන්ටමාසෙකට පැය 100කට ලෙස ගෙවන ලද අතිකාල දීමනාව මාසෙකට පැය 240ක් වශයෙන් කරන ලද ඉල්ලීම්කිසිසේත් සාධාරණ නොවන බවත්, ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු වශයෙනි.



