හැටවන වරටත් පැවැත්වෙන ජාත්‍යන්තර රූ රැජින තරගය අද පැවැත්වෙනවා.
ඒ ජපානයේ තෝකියෝ නුවරදී. මෙම තරගය සඳහා ලොව රටවල් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා.
එක්සත් රාජධානිය නියෝජනය කරමින් මෙම තරඟය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක්ද සහභාගී වීමට නියමිතයි. ඇය නමින් එවන්ජලීන් ෆැන්සියා.
එක්සත් රාජධානියේ පුණ්‍ය ආයතන රැසක ක්‍රියා කරන ඇය ශ්‍රී ලංකාව තුලද බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා.