රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට අදට දින 291 යි.
රුසියා යුක්රේන යුධ ගැටුම හේතුවෙන් සමස්ථ යුරෝපයම 2023 වසරේදී ගෑස් හිඟයකට මුහුණ දෙනු ඇතැයි යුරෝපා සංගමය අනතුරු අඟවනවා.
සිවිල් ජනතාව ඉලක්ක කරමින් රුසියාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කලහොත් යුක්රේනයට දිගුදුර මිසයිල ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසනවා .
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පවසන්නේ පුටීන් යුක්රේනය තුළ සිත් පිත් නැති යුද්ධයක් සිදු කරමින් සිටින බවයි.
පුටින්ගේ එකම අරමුණ සමස්ථ යුක්රේනයම අඳුරේ ගිල්වීම බව සෙලෙන්ස්කි පවසනවා.
මේ අතර යුක්රේනයේ සිව් දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර ප්‍රධානියා අද යුක්රේනයට පැමිණියා.