අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ.
පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.
පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.
සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.
ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 490කි.



