2021 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
2021 වසරේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 29,650ක් වාර්තා වූ අතර 2022 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 70,826ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මෑත මාසවලදී ශ්‍රී ලංකාව ඩෙංගු රෝගීන් 41,176 ක වැඩිවීමක්සිදුව ඇති අතර, මෙම රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 55ක් ප්‍රකාශයට පත් කළ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 28ක රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.



