යුක්‍රේනයේ කේසන් වෙතින් ළමා වධකාගාරයක්

Share

යුක්‍රේන, රුසියා යුධ ගැටුමට අදට දින 293 යි.

එළඹුනු නත්තල් සමය වෙනුවෙන් බි්‍රතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේනුවන්ට සුභ පැතුම් එක් කර තිබෙනවා.

ඒ යුක්‍රේන මහජන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකදීයි.

මේ අතර 2024 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය නොහැකි බව සෙලෙන්ස්කි පවසනවා.

ඒ රුසියාවේ සියලුම ධජයන්වල යුක්‍රේනුවන්ගේ රුධිරය ඇති බව කියමින්.

යුද්ධය අතර තුර යුක්‍රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 184 දෙනෙකු මියගොස් ඇති බවද ඔහු පවසනවා.

යුක්‍රේනයේ කේසන් වෙතින් ළමා වධකාගාරයක්ද හමු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර නේටෝ හමුදා, බල්ගේරියාවේ යුධ අභ්‍යාසයකට සහභාගී වී තිබෙනවා.

Read more

Local News