යුක්‍රේන, රුසියා යුධ ගැටුමට අදට දින 294 යි.
යුක්‍රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් අතිශය පීඩා විඳින බව මානව හිමිනකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් පවසනවා.
මේ අතර ශීත කාලයේ දී යුක්‍රේනුවන්ට උණුසුම පවත්වාගත හැකි අත්‍යාවශ්‍ය ඇඟලුම් ලබා දීමට වතිකානුව සූදානම් වනවා.
ඒ සඳහා ඉතාලියේ වෙබ් අඩවියක් සමඟ එක්ව මුදල් රැස්කරන බවයි වතිකානුව පවසන්නේ.
එසේම යුරෝපා සංගමය, රුසියාවට එරෙහිව යෝජනා කළ නව සම්බාධක අනුමත කර තිබෙනවා.
එම සම්බාධක හෙට දිනයේදී ලිඛිතව තහවුරු කරන බවයි චෙක් ජනරජය පවසන්නේ.