05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් 334,698 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිත බවයි විභාග දෙපොර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිතයි.



