2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.
ප්‍රංශ කණ්ඩායම හා ආර්ජන්ටිනා කණ්ඩායම අතර FIFA අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා.
තරගයේ අමතර කාලයේදීද කණ්ඩායම් දෙකම ගෝල එක බැඟින් ලබාගෙන ගෝල 03-03 බැඟින් යළිත් කණ්ඩායම් දෙකම සම ගෝල ලබා ගැනීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට කණ්ඩායම් දෙකට දඬුවම් පහර ලබාදීමට තීරණ කළා.
එහිදී දඬුවම් පහර 4 ක් සාර්ථක කර ගනිමින් ප්‍රබල ආජන්ටීනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.