විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු කඩිනමින් ඩිජිටල්කරණයට – මනුෂ නානායක්කාර

Share

විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළු කටයුතු ඉතා පහසුවෙන් කරගත හැකිවන පරිදි, රැකියා සඳහා විදේශ ගතවන අයට ඉතාමත්ම ආරක්ෂාකාරීව විදේශ රැකියාවට ගොස් සේවය කළ හැකිවන පරිදි විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළු කටයුතු කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් (18 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන වංචා දූෂණ, අක්‍රමිකතා, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා ඇතුළු ලේඛන සකස් කිරිම ආදී කටයුතු නතර කිරීමට කලයුතු වැදගත්ම කටයුත්ත වන්නේ මීට මැදිහත්වන අතරමැදියන් ප්‍රමාණය හැකිතාක් අඩුකිරීම වන බවය.

Read more

Local News