රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 297 යි.
යුද්ධය ආරම්භ වී මාස 10 ක් පමණ ගත වී ඇතත් තවමත් යුද්ධයේ නිමාවක් නම් පෙනෙනෙ තෙක් මානයක නැහැ.
යුක්‍රේනුවන් බොහෝ පිරිසක් විදුලිය ඇණහිටිම නිසා පීඩාවට පත්ව සිටිනවා.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ තවත් මිලියන 03 ක යුක්‍රේනුවන්ට විදුලිය නැවත් ලබා දීමට හැකි වු බවයි.
එසේම යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සම්බන්ධ වූ සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණයට ගෙන්වන ලෙස සෙලෙන්ස්කි ඉල්ලා තිබෙනවා.
මේ අතර යුද්ධයේ ඉදිරි පෙළ රුසියානුවන්ට සහයක් වීම සඳහා සංගීතඥයින් යෙදවීමට රුසියාව තීරණය කර තිබෙනවා.