13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක්

Share

ප්‍රතිලාභ රැසක් හිමි වන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තෝරාගත් පාසල් 42ක් තුළ ක්‍රියාවට නැංවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නියමු ව්‍යාපෘතියෙන් පසු 2019 වසරේ සිට මෙම වැඩසටහන සමස්ත පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි.

කුසලතා සහ හැකියාවන්ගෙන් සමන්විත අනාගත පුරවැසියන් රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කිරීමත්, එමඟින් වසර 2030 වනවිට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන හ හඳුන්වා දී තිබේ.

මෙම වැඩසටහන මඟින් මඟින් සිසුදරුවන්ටත්, පොදුවේ සමාජයටත් සුවිශේෂ ප්‍රතිලාභ රැසක් නිර්මාණය කරදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.

Read more

Local News